රත්ගම විදුලිසැර වැදී සේවකයා මියයාම සම්බන්ධයෙන් 4 ක් රිමාන්ඩ්


(සුමතිපාල දීයගහගේ)  

රත්ගම සිරිකඳුරවත්ත ප්‍රදේශයේ විදුලි රැහැන් අදිමින් සිටියදී විදුලිසැර වැදී සේවකයකු මිය යාම සම්බන්ධයෙන් සිටි සිව් දෙනෙක් මාර්තු 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය අද (5) නියෝග කළාය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ගෝනාපීනුවල ඩිපෝ අධිකාරි ඒ පී ඩබ්ලිව් ජයසේකර, ගාල්ල විදුලි අධිකාරී බී ජී සමන්ත කුමාර, කම්බිකරුවකු වන එල් ඒ සුසන්ත සහ අනියම් පුහුණු කම්කරුවෙකු වන එල් ඩී අසිත් ශ්‍රීනාත් යන සිව් දෙනා මෙලෙස රිමාන්ඩ් ගත කැරිණි.