(ඩී.ජි.සුගතපාල ,සුමතිපාල දියගහගේ)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් මේ මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05)නියෝග කළේය.
පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට සිටින බවත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් කියා සිටියේය.
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරසිටින සැකකරුවන් දාහත් දෙනාගෙන් පහළොස් දෙදෙනකු මහාධිකරණයට ඇප අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාරයන සැකකරුවෝ දාහත් දෙනා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටිති.
සැකකරුවන්ගේ නිතිඥවරුන් කියා සිටියේ දකුණු පළාත් අපරාධ විශේෂ විමර්ශණ ඒකකයේ කාන්තා කොස්තාපල්වරියන් දෙදෙනා හැර සියලුම නිලධාරින් මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින බවය.
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දාහත් දෙනා අගෝස්තු 19 වනදින දක්වා තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට නියෝග කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් සුමිත් (77667) මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් කරණු දැක්වු අතර ජනාධිපති නිතිඥ ඒ.පි.ජී.සරත්චන්ද්‍ර ,ප්‍රදිප් මදනායක යන මහත්වරු ඇතුලු නිතිඥවරු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටියහ.

