රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


(ඩි.ජී.සුගතපාල )
 
රත්ගම ද්විත්ව ඝාතන‍යේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් මේ මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (06) නියෝග කළේය.
 
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් 15 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකි.
 
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින  පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.