(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනා ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (02)නියෝග කළේය.
තව දුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවෝ දාහත් දෙනාවෙති.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂ ඉක්බාල් මහතා සමග සැරයන් අමිල මහතා පැමිණිල්ල වෙනුවෙන් කරණු දැක්වු අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිතිඥ රවි ඩොමින්ගෝ ප්‍රදීප් මදනායක පී.කේ.එල්.බණ්ඩාර යන මහත්වරු ඇතුලු නිතිඥවරු පිරිසක් පෙනි සිටියහ.අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නිතිඥ අනුර ද සිල්වා මහතා පෙනි සිටියේය.

