(ඩී.ජී.සුගතපාල)
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකුද 13 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලේපෙරුම ආරච්චිගේ සමන් රෝහණ , උප පොලිස් පරික්ෂක තිලකරත්න සහ කොස්තාපල් උපුල් රංජිත් යන තිදෙනා වෙති.
මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා , උප පොලිස් පරික්ෂක විරාජ් මධුසංක , කොස්තාපල් සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සිව්දෙනාද 13 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සංඛ්‍යාව හතකි.එම හත් දෙනාගෙන් හයදෙනෙක්ම පොලිස් නිලධාරින් වන අතර එක් අයෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියෙකි.පරික්ෂණ වලින් අනාවරණය වි ඇත්තේ ඝාතනය කරන ලද දෙදෙනාගේ සිරුරු පුළුස්සා දැමීම සඳහා වලස්මුල්ල රක්ෂිතයේ ස්ථානය පෙන්වා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු නිලධාරියා බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් හතළිහකට ආසන්න පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

