රත්ගම කෙල්ල ඉතාලියේ රූ රැජනක වේ


2013 ඉතාලි රූ රැජන තරගය සදහා වැනෙතෝ පළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් වැනීසීයේ දි, හිටපු ලෝක රූ රැජන ඉතාලි ජාතික අරියානා ඩාවින් අතින් කිරුළ පැළැඳුවාය.  ඉතාලි ආධුනික සිනමා රූ රැජන වු  අද්රියානා පෙලුස්සෝ මෙම අවස්ථාවට සහභාගී වූවාය.  ඵ් සමග ඇය 2013 ඉතාලි රූ රැජන තරගාවලියෙන් ඉවත් වු අතර ඉතාලියේ අංක ඵකේ සිනමා අධ්‍යක්‍ෂකවරයකු වන මස්සිමෝ බෝල්දිගේ මීළඟ නවතම සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිතය ඇයට හිමිවීය. උද්දිමා ඔෂදි ද සිල්වා ගාල්ලේ රත්ගම සිට වසර 14කට පෙර ඉතාලියට පැමිණියාය. ‘මට වැනිසීයේදි ඉතාලි හා හොලිවුඩි සිනමා අධ්‍යක්‍ෂක වරුන් හා ප‍්‍රවීන නළු නිළියන් රැසක් හමු වුණා. ඉතාලි සිනමාව ඔස්සේ දිර්ඝ ගමනක් යන්න මා බලාපොරොත්තූ වෙනවා. ළඟදීම ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගමි කිහිපයක වෙළද දැන්වීම් සදහා ද මා පෙනි සිටීනවා‘ ඇය ලංකාදීප ඵසැණට කීවාය.