රත්ගම කලපුවේ මාළුන්ට අපලයි


රත්ගම කලපුවේ කොයියා, කොරළියා, ගොඩයා, වේක්කා, ආඳා ආදී මසුන් දහස් ගණනක් මියයන බව ද, ධීවර කර්මාන්තයෙන් යැපුණු ගම්මාන 17 ක පවුල් 500 ක් පමණ මේ නිසා අසරණවී සිටින බව ද ධීවරයෝ කියති. දොඩන්දූව ධීවර වරාය ඉදිකිරීමට පැරණි මෝය කට වසා දමා නව මෝය කටක් ඉදිකිරීමෙන් පසු මුහුදු ජලය කලපුවට පැමිණෙන්නේ නැති නිසා සෑම වර්ෂයකම මෙලෙස මාළුන් මිය යන බව ද ඔවුහු කියති. පරිසර විද්‍යාඥයන් කියනුයේ ඇල්ගී වර්ගයක් පැතිරීම නිසා මසුන් මියයන බවයි.