(ඩී.ජී.සුගතපාල)
රත්ගම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් ලබන මස 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (24) නියෝග කළේය.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනි දින පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න, සැරයන් පී.එච්.චමින්ද, සැරයන් එස්.ජී.ප්‍රේමලාල්, කොස්තාපල් වයි.පී.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න, වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් 17 දෙනාය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දික්වැල්ල ප්‍රදේශයේ ජලාශයක තිබී සොයාගත් සැකකරුවන්ගේ ජංගම දුරකතන පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පෙරදින අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග අනුව කොමර්ෂල් බැංකුවේ ගාල්ල මහා විදිය ශාඛාවේ සහ කොටුව ශාඛාවේ කළමනාකරුවන්ගේ ප්‍රකාශ ද වලස්මුල්ල අඩවි වන නිලධාරියාගේ ප්‍රකාශයක්ද එයට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජයගුණවර්ධන සහ ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ යන මහත්වරුන්ගේ ප්‍රකාශ ලබාගත් බවද තවදුරටත් විමර්ශන කරමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කියා සිටියේය.
මේ අතර සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් මහාධිකරණයේ ඇප ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙන බව සැකකරුවන්ගේ නීතීඥවරු කියා සිටියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ, උප පොලිස් පරීක්ෂක ඉක්බාල්, සැරයන් සුමිත් යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ඒ.පී.ජී.සරත්චන්ද්‍ර ,ප්‍රදිප් මදනායක,යන මහත්වරු ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.

