(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැස්සත් සමඟ පිටාර ගලමින් තිබු පල්ලම රතඹලා ඔයේ ජලයට නිවාස තුනක කොටුව සිටි 15 දෙනෙකු නාවික හමුදාවේ සහායෙන් අද (21) අලුයම මුදාගත් බව පුත්තලම ආපදා කළමනාකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකොන් මහතා පැවසීය.
15 වැනි දා උදෑසන සිට නොකඩවා ඇදහැලෙන මහ වැසිත් සමඟ රතඹලා ඔය පිටාර ගැලීම සවස් වන විට ආරම්භ වී තිබු අතර ඔය පහළ පදිංචිව සිටි පිරිසක් මෙසේ කොටුව තිබිණි.
පවුල් තුනකට අයත් 15 දෙනෙකු පදිංචි ව සිටි නිවෙස් රාත්‍රී වන විට ජලයෙන් යටවීමත් සමඟ කිසිදු දෙයක් කර ගැනීමට නොහැකිව සිටියදී පල්ලම ප්‍රාදේශීය ලේකම්වරියගේ දැනුම්දීමත් සමඟ නාවික හමුදාවේ සහාය ඇතිව මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැඳවු බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.