(චමිල් රුපසිංහ)
රතන හිමියන් සම්පූර්ණ සුවය ලබා ස්ව කැමැත්තෙන් අද (5) මහනුවර රෝහලෙන් පිටත්ව ගිය බව මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
දින 4 ක් අඛණ්ඩ උපවාසයේ යෙදුණූ රතන හිමියන් පසුගිය 3 වැනිදා ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඉල්ලීම් 4 ක් මුල්කරගනිමින් උපවාසයේ යෙදුණහ.
උන්වහන්සේ උපවාසය අවසන් කිරීමෙන් පසු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ප්‍රතිකාර ලබා දුන් අතර රතන හිමියන් දින කිහිපයක් ආහාර ගෙන නොතිබූ බැවින් විජලන තත්වයක් ඇතිවී තිබූ බව වෛද්‍යවරු පවසති.
රතන හිමියන් අද නිරෝගී තත්වයට පත්වූ හෙයින් ප්‍රතිකාර කරනු ලබන වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කර අද (5) රෝහලෙන් පිටත්කර හැරීමට හැකි වූ බව වෛද්‍ය සමන් රත්නායක මහතා කීය.


