රතන හිමියෝ ඒකාබද්ධය සමග පෙරහැරේ යන්න සැරසෙති


(ඩයනා උදයංගනී , ආරියරත්න රණබාහු)

ග්ලයිෆොසේට් කෘෂි රසායන සඳහා පනවා ඇති  තහනම ඉවත් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ගෙනයන කටයුතුවලදී ඒකාබද්ධ විපක්ෂය තමා සමඟ එකග වන්නේ නම් තමන් ඒ පෙරහැරේ යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී අද පැවසූහ .

එය තමන්ගේ ප්‍රතිපත්තිමය බෙදීමක් බවද උන්වහන්සේ කීහ.

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ තමා රතන හිමියන්  අගය කරන බවයි.උන්වහන්සේගේ වැඩපිළිවෙළට සහාය දෙන බවද ඔහු සදහන් කළේය.