(සුජිත් හේවාජුලිගේ)
රට නගා සිටුවීම සඳහා අලුත් වැඩපිළිවෙළක් හඳුන්වාදීමට එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ජාතික සභාව ලබන 7 වැනිදා රැස්වීමට නියමිතය.
රට වෙනුවෙන් වැදගත් තීන්දු ගණනාවක් මෙහිදී ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවැසීය.
රටේ පවතින ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික්ක 22ක ප්‍රධාන රැස්වීම් 22ක් පැවැත්වීමට ජාතික සභාව දැනටමත් තීරණය කර ඇති බව කී රතන හිමියෝ මෙයට අමතරව විද්වතුන් , වෘත්තීයවේදීන් 500 දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ විද්වත් සමුළුවක් පැවැත්වීමට ද තීරණය කර තිබෙන බව ප්‍රකාශ කළහ.
ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ගැනීම එහි ප්‍රධාන අරමුණ බවද උන්වහන්සේ කීහ.