(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩල රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද සහභාගී වු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කළ අතර රතන හිමියන්ද එක්සත් ජාතික පෙරමුණේ සෙසු මැති ඇමතිවරුන් ඉදිරිපත් කළ මතයට වෙනස් මතයක් ඉදිරපත් නොකළ බවද අජිත් පී පෙරේරා මහතා කීය.
මිට අමතරව පසුගිය දින වල වෙනස් මත පළකළ පාලිත රංගේබණ්ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය අමාත්‍යවරුන්ද මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීමට සහභාගී වීම විශේෂත්වයක් විය.
අරලියගහ මන්දිරයේදී මෙම මන්ත්‍රී මණ්ඩල රැස්වීම පැවැත්විණි.