රතන හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවක්


පිවිතුරු හෙටක් ජාතික සංවිධානයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළහ.

හිටපු අගවිනිසුරු සරත් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එම කෙටුම්පත සකස් කැරිණි.

මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  හා ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති ඩී යූ ගුණසේකර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති  ක්‍රියා කළ හොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ කීහ.

සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ පැවසූහ.

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

_DSC0010 _DSC0017 _DSC0020 _DSC0023 _DSC0032 _DSC0064 _DSC0086 _DSC0097 _DSC0106 _DSC0110 _DSC0114 _DSC0153 _DSC0160 _DSC0170