( ජුඩ් සමන්ත)
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ අටවැනි සහ නව වැනි සැතපුම් කණුව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රතන හිමියන් ගමන් ගත් මෝටර් රථය තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියේ පිටුපස ගැටී ඇති බව පොලීසිය කියයි. අනතුරින් පසුව ඒ සමගම පැමිණ වෙනත් වාහනයක නැගී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පිටත්ව ගොස් ඇති අතර අනතුර සිදුවන විට රතන හිමියන්ද වාහනයේ සිටි බවට රියදුරු පොලීසියට පවසා තිබේ.
මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩගංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.

