රණ මයුර සම්මානය ලෙස්ටර්ගේ බිරිඳට බාර දෙයි



 
 
ඉන්දිකා රාමනායක
 
හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගෙන ගොස් තිබීය දී සොයා ගත් රණ මයුර සම්මාන පදක්කම  පරීක්ෂණ වලින් අනතුරු අද  (1) බම්බලපිටිය පොලිසිය  ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත  නිල වශයෙන් බාර දී දුන්නේය.


බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක  වීරක්කොඩි  මහතා  ඇතුළු පොලිස් කන්ඩායමක් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ නිවසට ගොස් එය සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත  මෙම සම්මානය බාර දී තිබේ.


ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ අවසන් කටයුතු සිදුකළ ඉකුත් මැයි 2 වැනි දා  සැකකරුවන් පිරිසක් විසින් මෙම රණ මයුර පදක්කම් ඒ මහතාගේ නිවසින් සොරාගෙන ගොස් තිබුණි.


සිද්ධියෙන් දින කිහිපයකට පසුව මෙම සම්මානය   කොල්ලූපිටිය  කඩුවෙල මාර්ග අංක 177  සුඛෝපභෝගී බස් රථයක් තුළ අතහැර දමා ගොස් තිබියදී කොල්ලූපිටිය පොලිසිය විසින් සොයා ගනු ලැබිණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ  පැවැත්වු පොලිස් කණ්ඩායම් ලේස්ටර් ජේම්ස්  පීරිස් මහතාගේ නිවසින් රණ මයුර සම්මාන පදක්කම සොරා ගැනීම  සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු  අත්අඩංගුවට ගත් අතර  ඉන් සැකකරුවන් පස් දෙනෙකු තවමත් රිමාන්ඩ් බාරයේ පසු වෙති.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා