ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
රටේ ප්‍රධානියා ආණ්ඩුවේ කටයුතුවලට අකුල් හෙළන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අද (8) පැවසීය.
ආණ්ඩුවේ කටයුතුවලට ආශිර්වාද නොකරන ප්‍රධානියා රජය දූෂිත බවට වැරදි මතයක් ඇතිකරමින් සිටින බවද සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.
එයින් රටට වන හානිය රටේ ප්‍රධානියා තේරුම් ගත යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.
තමා කියන දේ ඇමැතිවරුන් පිළිගන්නේ නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අයුරින් කටයුතු කරන්නන්ට ගියහොත් කිසිවෙක් ඔහු කියන දේ පිළි නොගනු ඇතැයි ද පැවසීය.
ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා පමණක් විශාල මුදලක් වෙන්කිරීම අසාධාරණ බවද හෙතෙම කීවේය.

