එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි තානාපති කාර්යාල දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකරන බව නීතීඥ සංගම් හතක නියෝජිතයෝ පවසති.
ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය , ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් කාන්තා නීතීඥ සංවිධානය,යුක්තිය උදෙසා නීතීඥ එකමුතුව,ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමේ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය යන නීතීඥ සංගම් හතෙන් සැදුම්ලත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව මේ වැඩපිළිවෙළ දියත් කිරීමට නියමිතය.