රටේ නම කැත කළ ලාංකිකයාගේ දඬුවම ලිහිල් වෙයි


ළමා අපයෝජන සිද්ධියකට ඩුබායි අධිකරණයෙන් වරදකරුවූ ශ්‍රී ලාංකිකයාගේ සිර දඬුවම මාස හයක් දක්වා ළිහිල් කිරීමට එම අධිකරණය තීන්දු කර තිබෙන බැව් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙලෙස සිර දඬුවම් ලිහිල් වී ඇත්තේ 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ගොනු කළ ඇපෑලක් ඉකුත් 12 වැනිදා ඩුබායි අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමෙන් පසුවය.

සිංගප්පූරුවේ සිට ඩුබායි දක්වා ගුවනින් පැමිණෙමින් සිටි 13 හැවිරිදි සිංගප්පුරු ජාතික දැරියක අපයෝජනයක් කර ඇති බවට චෝදනා එල්ල වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදීය.     

ලාංකිකයාගෙන් තම දියණියට අපයෝජනයක් සිදු වූ බවට දැරියගේ මව්පියන් ඩුබායි පොලිසියට දැනුම් දුන් අතර පසුව ඩුබායි පොලිසිය ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීය.

ඉකුත් මාර්තු මාසයේදී එම නඩු විභාගය අවසන් කළ ඩුබායි අධිකරණය මෙම වසරක සිර දඬුවම නියම කළේය.