රටේ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේදී හෙට විවාදයක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ  පවතින තත්වය සම්බන්ධයෙන්  සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (8) පස්වරුවේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ( 7) තීරණය කළේය.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගයේ  ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර  මහතා විසිනි.