රටේ ආර්ථිකේ ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි


සුජිත් හේවාජුලිගේ
 
රටේ ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
 
මේ ඉල්ලීම කතානායකවරයාට අද හෙටම ලිඛිතව දැනුම් දෙන බවද ගුණවර්ධන මහතා කීවේය.
 
රුපියල දිනෙන් දිනම අවප්‍රමාණය වෙමින් රටේ ආර්ථිකය අන්ත අගාධයටකට ඇදවැටෙමින් තිබෙන බව කී ගුණවර්ධන මහතා ආර්ථික අර්බුදය හමුවේ ජනතාව කබලෙන් ළිපට වැටී ඇතැයි ද ප්‍රකාශ කළේය.