රටේ ආර්ථිකය ගැන විවාදයකට එන්නැයි මුදල් අමාත්‍යවරයාගෙන් හිටපු ජනපතිට ආරාධනාවක්


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)


රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමා සමඟ විවාදයකට එන්නැයි මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී  අද (7) නැවත වරක් ආරාධනා කළේය.


මුදල් ඇමැතිවරයා මේ ආරාධනය කළේ  සුරාබදු  ආඥා පනත යටතේ  පැවැති විවාදයේදීය.


මංගල සමරවීර මහතා මෙසේද කීය.


‘මම හැමදාම මේ ආරාධනය කරනවා . එන්නේ නැහැ. පැනලා යනවා බයයි. මහින්ද රාජපක්ෂ අද  ගොබෙල්ස්   න්‍යාය අනුව රට පුරා බොරු පතුරවමින් සිටිනවා.රටේ ආර්ථිකය ජීවන වියදම ගැනත් බොරු කියනවා.