ගෝනපීනුවල බාස්වත්තේ ලස්සන ගමට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි බෙකී වෙස්ට් බෘක් මහත්මිය පානීය ජලය ලබාදුන්නාය. මේ ලස්සන ගම නිවාස ගොඩනගන ලද්දේ ද ඇගේ ධන පරිත්‍යාගයෙනි. සුනාමියට සහන සැළසීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇය 2005 දී බාස්වත්තේ ගෙවල් 25ක් සාදා දුන්නාය. ඒ නිවෙස්වලට විදුලිය දීමට ද ඇය විසින් ම මුදල් වැය කරමිනි.
පානීය ජලය මිනිසුන්ගේ මූළික අවශ්‍යතාවක් වුව ද ඇය නිවාස සාදා දී වසර 10ක් ගතවන තුරුම මේ නිවාස 25 ට පානීය ජලය තිබුණේ නැත. තමන්ට බීමට සුදුසු ජලය නැති බව පදිංචිකරුවෝ බෙකී මහත්මියට කී විට ජල ව්‍යාපෘතියක් සඳහා ඇය රුපියල් ලක්ෂ 22ක් පරිත්‍යාග කළාය. ජල ව්‍යාපෘතිය විවෘත කරණ විට පැමිණෙන්නේ යැයි ඇය පදිංචිකරුවන්ට පොරොන්දු වී තිබුණ ද රෝගාතුරවීම හේතුවෙන් ඇය පැමිණියේ නැත.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉරිදා සවස පානීය ජල ව්‍යාපෘතිය විවෘත කළේය.



