රටවල් කිහිපයක වීසා මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමේ


(තිළිණි ද සිල්වා)
 
රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන  කොළඹ පිහිටි   වීසා  මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.
 
ඒ අනුව  ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.
 
මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.