අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත.
ත්‍රස්තවාදය සහ මූලධර්මවාදය ප්‍රචලිත කිරීමට සහාය දෙන බවට චෝදනා කරමින් සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ජූනි 5 වැනිදා කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත දැමීමට පියවර ගත්තේය. ඒ අනුව යමින් තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමටත් ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කිරීමටත් පියවර ගත්තේය.
වසර ගණනාවකට පසු ගල්ෆ් කලාපයේ ඇති වූ දරුණුතම අර්බුදය මේ වූ අතර ඒ හේතුවෙන් දශක දෙකක් පැරැණි කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියට ද චෝදනා එල්ල විය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන රටවල අර්බුද නිරාකරණය කිරීමේදී කටාර් රාජ්‍යය ඊට මැදිහත් වීම ද එම විදේශ ප්‍රතිපත්තියේ අංගයක් විය. කෙසේ නමුත් කිසිම හේතුවකට තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව කටාර් රාජ්‍යය මෙම නව අර්බුදය ඇති වී දින කිහිපයකට පසු නිවේදනය කළේය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට අමතරව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ ආර්ථික සහ ප්‍රවාහන සබඳතා ද නවතා දැමීය. කටාර් රාජ්‍යයේ ස්ථාපිත තුර්කි හමුදා කඳවුර ඉවත් කළ යුතු යැයි සෞදිය ප්‍රමුඛ රටවල් කරන ලද ඉල්ලීම් අතර වෙයි.
මුස්ලිම් සහෝදරත්වය, අයි.එස් සංවිධානය, අල්කයිඩා සංවිධානය, හිස්බුල්ලා, ජබාත් ෆාටා අල් ෂාම් ආදී ත්‍රස්තවාදී, අන්තවාදී, මූලධර්මවාදී සහ නිකායවාදී සංවිධානවලට තිබෙන සබඳතා සියල්ල නවතා දැමිය යුතු බව ද සෞදිය කටාර් රාජ්‍යයට දැනුම් දී තිබේ.

කටාරයත් සෞදි අරාබියත් අතර දේශ සීමාවේ අබු සම්රා පිවිසුම (ඡායාරූප අනුග්‍රහය - ඒ.එෆ්.පී)
(රොයිටර් අනුග්‍රහයෙනි - 055)

