රටවල් 170ක් පුරා කොරෝනා වෛරසය පැතිරයයි


කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 170ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 51ක් වාර්තා වේ.

මාර්තු මස 18 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 208,421ක් වූ අතර මරණ 8,273ක් වාර්තා වී ඇත. මේ වනවිට 82,902ක් සුවය ලබා තිබිණි.