(රංජන් කස්තුරි)
කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11 ක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට (14) සිට නතර කිරීමට රජය තීරණය කර ඇත.
ඉතාලිය , ඉරානය , දකුණු කොරියාව , ප්‍රංශය , ජර්මනිය ස්පාඤ්ඤය , ස්වීඩනය , ස්විස්ටර්ලන්තය , ඩෙන්මාර්කය නෙදර්ලන්තය සහ ඕස්ට්‍රියාව රටවලින් කිසිඳු මගියෙකු ශ්‍රී ලංකාවට ඇතුළු කර නොගන්නා බව සිවිල් ගුවන් සේවා සමාගම කියයි.
යුරෝපයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක නිරෝධායනයකට යටත් වීම අනිවාර්ය කිරීමටද රජය තීරණය කර ඇත.
මේ අතර පොදු ප්‍රවාහන සේවයට යොදාගන්නා බස්රථ සහ දුම්රිය විෂබිජ හරණයකට ලක්කිරීමටත් ආරක්ෂක අංශවල සහායෙන් එම වැඩපිළිවෙල හෙට (14) සිට ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.
රටතුළ කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමටද රජය තීරණය කර ඇත.

