රටම අගුළු දාන්නේ නෑ


කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නව ප්‍රභේදය හේතුවෙන් රටම අගුළු දැමිය හැකිද යන්න පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සහ කටකතා ප්‍රතික්ෂේප කරමින් යුද හමුදාපතිවරයා එසේ පැවසීය. කෙසේ වෙතත් කොරෝනා වයිරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව අවශ්‍ය පියවර ගන්නා බවද ජෙනරාල් සිල්වා මහතා පැවසීය.

පසුගිය සතියේ එක්සත් රාජධානියේ ව්‍යාප්තව ඇති නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද හමුවි ඇති බව සෞඛ්‍ය බලධාරීහු කියති. එය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති වයිරසයක් බවට සෞඛ්‍ය නිලධාරීහු අනතුරු ඇඟවති.