රටපුරා දන්ත ශල්‍යාගාර ප්‍රතිකාර සීමා කරයි


මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින  කොරෝනා වයිරසය හේතුවෙන්  රට පුරා සියලු දන්ත ශල්‍යාගාරයන්හි  ප්‍රතිකාර සීමා කිරීමට පියවර ගෙන තිබේ.
 
ඒ අනුව  වේදනාව , ඉදිමීම, සැරවගෙඩි ආදිය සහිතව පැමිණන රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩීම්යාම,හකු අස්ථි බිඳිම ආදීය සමග පැමිණෙන රෝගීන් සඳහා හදිසි ප්‍රතිකාර  හා අවශ්‍ය ශල්‍යකර්ම  සාමාන්‍ය පරිදි අවශ්‍ය ආසාදන පානලන උපක්‍රම යටතේ සිදු කෙරෙන අතර හදිසි නොවන ප්‍රතිකාර කල්දැමීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසයි.
 
ඒ අනුව දත් පිරවීම,  සුද්ද කිරීම්,දත් ඇඳි දැමීම, ස්නායු පිරවීම්, විකලාංග දන්ත ප්‍රතිකාර  (කම්බි දමා සිදු කරන දන්ත සෘජුකරණ ප්‍රතිකාර)  ජංගම දන්ත වෛද්‍ය සේවා, කුඩා ළමුන්ගේ ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර ආදී හදිසි නොවන ප්‍රතිකාර පවතින  තත්ත්වය පාලනය වන තුරු නැවැත්වීමට පියවර ගෙන ඇත.
 
මේ හේතුවෙන් ඉතා හදිසි ප්‍රතිකාර   සඳහා පමණක් වන දන්ත සායන සඳහා යොමුව ලෙසත් වයිරස් තත්ත්වයේ අනතුර පහව ගිය පසු සාමාන්‍ය පරිදි ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසද දන්ත වෛද්‍යවරුන්ගේ  සංගමය  මහජනතාවගෙන් ඉල්ලා සිටී.