රට සල්ලි තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ )
 
                     
විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීයෙක් සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු  අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙම මුදල්වල වටිනාකම රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් (4,80,00,000) කි.  
 
ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනා 40 සහ 45 හැවිරිදි පසුවන අතර මොවුන් කොළඹ සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
මොවුන් අද (13) අලුයම 1.55 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-306 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
 
මොවුන් රැගෙන ආ මුදල් අතර ඇමෙරිකානු ඩොලර් 52,950 ක් , යූරෝ 1,53,250 ක් , සෞදි රියාල් 2,64,000 ක් සහ කටාර් රියාල් 18,500 ක් නීතිවිරෝධී ලෙස රැගෙන යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්ඩංගුවට ගනු ලැබීය.

ඡායාරූප - ටී.කේ.ජි.කපිල