(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහතා පවසයි .
රට විවෘත කිරීමේ තීරණය පවතින්නේ ජනතාව අතේ බවත් ජනතාව මේ අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි පිළිපදිමින් සෞඛ්‍ය අංශවලට උපරිම සහාය ලබාදිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි .
අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට නිවසෙන් පිටව නොයෙන්නයිද ඔහු ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි .

