රට රැකියා ඒජන්සියට තරු ලකුණු


හෝටල්වලට තරු ලකුණ දෙන ආකාරයෙන් විදේශ රැකියා ඒජන්සිවලට ද තරු ලකුණු අනුව වර්ග කරන බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. වැරදි කරන පාපන්දු ක්‍රීඩකයනට කහ සහ රතු කාඩ් නිකුත් කරන අයුරින් විදේශ රැකියා ඒජන්සිවලටද එවැනි කාඩ් හඳුන්වා දී චෝදනා දෙකක් දක්වා කහ කාඩ්පත් දෙකක් පෙන්වා තුන්වැනි වරදට රතු කාඩ්පත දී ලියාපදිංචිය අවලංගු කරන බව ද ඇමැති කීවේය.