රට රස්සාවට හොරෙන් ගිහින් කාර්යංශයට කෝටි දෙකක්


ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් මගින් හා විදේශ රැකියා කාර්යංශ පනතට පටහැනිව විදේශ රැකියා ලබාදීමට උත්සාහ කළවුන්ගෙන් ඉකුත් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා රුපියල් කෝටි දෙකක් අයකර ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යශය කියයි.

එයින් රුපියල් ලක්ෂ 120කට ආසන්න මුදලක් ඒජන්සි සහ වංචාකරුවන්ගේ වංචාවලට අසුවූ ශ්‍රමිකයන්ට දුන් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.