රට රස්සා දෙන බව කියා කතුන් රවටලා


රට රැකියා ලබා දෙන බව කියමින් උතුරේ කතුන් පුත්තලම සේනකුඩිරිප්පුවේ නිවසක රඳවාගෙන අඩත්තේට්ටම් කළ බව කියන විදේශ රැකියා ආයතනයක තැරැව්කරුවකු සහ කාන්තාවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තැරැව්කරුවාගෙන් පහර කෑ බව කියන කාන්තාවක පැන යාමට උත්සාහ කිරීමෙන් පසු ඇතිවූ කලබලය අවස්ථාවේ ගම්වාසීන් සැකකරුවන් අල්ලා පොලිසියට බාර දුන් බව ද පොලිසිය සඳහන් කරයි.