රට යන්න ඇඟිලි සලකුණ ගනියි


විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජෛවමිතික තොරතුරු ලෙස ඇඟිලි සළකුණු ලබාගැනීමේ ක්‍රමවේදය මේ මස 10 වනදා සිට ආරම්භ කරන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

විදේශ ගමන් බලපත්‍රයේ වලංගු භාවය, විශ්වසනීයත්වය සහ ඊට පවතින ජාත්‍යන්තර පිළිගැනීම වැඩිකරගැනීම මෙහි අරමුණයි. එසේම ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි අනුමැතිය ලත් ඡායාරූප ශාලා මගින් ලබාගත් පුද්ගලයන්ගේ ඩිජිටල් ඡායාරූප, දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය වෙත ඍජුවම ගෙන්වා ගැනීමටද කටයුතු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.