නිමල කොඩිතුවක්කු
බැඳුම්කර වංචාව මගින් රටේ ආර්ථිකය අස්ථාවර කර නව ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පැවැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(09)පැවසූහ.
බැඳුම්කර වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් දීමෙන් පමණක් මෙම සිද්ධිය ලඝු කළ නොහැකි බවද උන්වහන්සේ සදහන් කළහ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩළ ශ්‍රවණාගාරයේදී ‘එළිය‘ සංවිධානය කැඳුවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේද සදහන් කළහ.
‘නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රියාදාමයට එරෙහිව එළිය සංවිධානය ලෙස අපි දිගින් දිගටම විරෝධතාවයේ නියලූනා. විවිධ තේමාවන් යොදාගනිමින් ඔවුන් මේ නිරත වෙලා ඉන්නේ රට බෙදීමේ උත්සාහයකයි. මේ ව්‍යවස්ථා ක‍්‍රියාවළිය දැන් තදබල නිද්‍රාවකටවැටිලා තියෙනවා. මේකෙන් ප‍්‍රකාශවෙන්නේ නැහැ ව්‍යවසතා ක‍්‍රියාවලිය අත්හිටුවාගෙන කියලා. ඔවුන්ට මේ ඡන්දයත් එක්ක මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය රට ඉදිරියට අරගෙන එන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව හිතාමතාම මේ ව්‍යවස්ථා ක‍්‍රියාවලිය නිහඬ කරලා තියෙනවා.

