රට පුරා රැකියා විරහිත උපාධිධාරීහු වීදි බසිති


(දයාරත්න ඇඹෝගම, මොහොමඩ් ආසික් සහ ඩී.ජී.සුගතපාල  සහ  සුමතිපාල දියගහගේ)
 
දිවයිනේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරී සංගමය  මෙහෙය වු උද්ඝෝෂණ රැසක් අද (16) දිවයින පුරා පැවැත්විණි.

 
මධ්‍යම රජයේ මෙන්ම පළාත් සභාවල පවතින රැකියා පුරප්පාඩු  වහා පිරවීමට රජය පියවර ගත  යුතු   බව උද්ඝෝෂකයින් පැවසු අතර  එසේ නොමැතිව සම්මුඛ පරීක්ෂණ පවත්වමින් උපාධිධාරින් රැවටීම  වහා නවත්වන ලෙසද ඔවුහු   රජයට බල කර සිටියහ.

 
මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට විරෝධතාව


 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උද්ඝෝෂණය 

අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය