රට පුරා ග්‍රාම නිලධාරීහු වර්ජනයක


(රංජන් කස්තුරි)

ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂයක් කොට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතත් ජනතාව සමඟ සෘජුවම සේවය කරන පිරිසක් වන ග්‍රාම නිලධාරීන්ට තවමත් එන්නත් ලබාදී නැතැයි ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවසීය

ඉතා ඉක්මනින් ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබා නොදුන්නොත් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ද කොඩිකාර මහතා කීය.