විනීතා එම් ගමගේ
දිවයින පුරා කොස් පැල දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
‘කොස් මාමා’ ලෙසින් විරුදාවලි ලත් ආතර් වී දියෙස් මහතා කොස් පැල සිටුවීම ජනතාව අතර ජනප‍්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ආරම්භ කර වසර සියයක් පිරෙන මේ මස 11 වැනි දා පෙරවරුවේ පානදුර ජෙරමියෙස් දියෙස් විද්‍යාලයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.
අපි වවලයි අපි කන්නේ තේමාව යටතේ මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බව මේ පිළිබඳව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
වස විසෙන් තොරව වගා කරන්නත්, ඒ සඳහා උපදෙස් හා අතහිත දෙමින් පොළඹවන්නටත් මෙම වැඩපිළිවෙලේ දී කටයුතු යොදන බව ද අමාත්‍යවරයා කීය.
කෘෂි කේෂත‍්‍රයට තරුණ පිරිස් පැමිණිම අවම වී ඇතැයි කී අමාත්‍යවරයා ඔවුන් මේ සඳහා දිරි ගැන්වීමට නව ක‍්‍රමය ගෙන යන බවත් විශ‍්‍රාමිකයන්ට ද මේ කේෂත‍්‍රයට එන්නට උනන්දු කරන බවත් කී අමාත්‍යවරයා ඉදිරියේ දී පළතුරු හා විවිධ ශාක වර්ගවල පැල බෙදා දීමට ද බලාපොරොත්තු වන බව කියා සිටියේය.
කොස් පැල ව්‍යාපෘතියේ දී බෙදාදීමට කටයුතු කර ඇත්තේ වසර එක හමාරකින් පීදෙන කොස් පැලයකි. අනතුරුව වෙනත් පැල වර්ග කිහිපයක පැකේජයක් ද බෙදා දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අතීතයේ විවිධ අවස්ථාවල පැල බෙදාදීම් සිදුවූ බවත් ඒවා සාර්ථක වී නම් මෙවර පැල බෙදා දීමට අවශ්‍ය නොවන බවත් කී අමාත්‍යවරයා මෙවර බෙදාදෙන සියලූ පැල පිළිබඳව පසු විපරමක් සිදු කෙරෙන බව ද කියා සිටියේය.
මේ පිළිබඳ සියලූ වගකීම් අමාත්‍යංශයේ අංශවලට බාර දෙන බවත් සියලූ දෙනා සක‍්‍රීයව ව්‍යාපෘතියට සහභාගී කර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පුරන් කුඹුරු ඉඩම් හිමිකරුවන්ගෙන් රතු නිවේදන හරයා ලබා ගෙන ඉකුත් කන්නයේ අක්කර 15000 ක් වගාකළේ යැයි ද මේ නිසා දැන් කුඹුරු පුරන්වන්නට නොදෙන බව පෙනෙතැයි ද අමරවීර මහතා කීය.
පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය මෙරට වවා ගැනීමට පියවර ගන්නා බවත් ඒ සඳහා මේ සියලූ දේ සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා කෘෂිකර්ම කේෂත‍්‍රයට එන කාන්තාවන් දිරි ගැන්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ද කියා සිටියේය.