රට පුරා විදුලි ඉංජිනේරුවෝ හෙට කොළඹට රැස් වෙති


(රංජන් කස්තුරි) 

රටපුරා සේවය කරන  ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ  පෞද්ගලික නිවාඩු වාර්තා කර හෙට( 08)  කොළඹට රැස් වෙති.

 මණ්ඩලයේ  විශේෂ මහා සභා රැස්වීමක් සඳහා හෙට පෙරවරු 9.30 ට කොළඹ බණ්ඩාරනායක  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන ලෙස එහි  ලේකම්  සියලු සේවකයින්ට දැනුම් දීමක් කර තිබේ.

ඉංජිනේරු සංගමයේ සභාපති  සෞම්‍ය කුමාරවඩු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ වැටුප් ප්‍රශ්නය හා විදු අර්බුදය පිළිබඳව මෙහෙදි සාකච්ඡා  කිරීමට නියමිත බවයි.