රට පුරා රෝහල්හි 10 වැනිදා පැය 4ක සංකේත වර්ජනයක්


(මුදිතා දයානන්ද )

ඉල්ලීම දහයක් මුල් කරගනිමින් රටපුරා සියලූම රෝහල්හි අගහරුවාදා  (10)  පැය හතරක සංකේත වර්ජනයක් ක‍්‍රියාත්මක කිරිමට සමස්ත ලංකා සුවසේවා සංගමය සැලසුම් කර තිබේ.

 10 වැනිදා  උදේ 8.00 සිට පස්වරු 12.00 දක්වා මෙම වර්ජනය ක‍්‍රියාත්මක වන අතරඒ  සඳහා දේශපාලන හෝ වෘත්තීය සමිති බේදයකින් තොරව බහුතරයක් සුව සේවකයින් සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ලංකාදීපයට පැවසීය.

 සේවක හිඟය පියවීම, ස්ථාන මාරුවීම්, උසස්වීම්, දීමනා, පුහුණුවීම් පිළිබඳ ගැටලූ විසඳා ගැනීම, ඇතුලූ කරුණු දහයක් මෙම ඉල්ලීම් අතර පවතින බවද මේ ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වත් ඇමතිවරයා වේලාවක් නොදී මගහැරීම නිසා මෙලෙස වර්ජනයකට යාමට තමන් තීන්දු කළ බවද ඔහු පැවසීය.
 
 වර්ජනයට පැවැත්වෙන අතරතුර කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර මහ රෝහල ඇතුළු රටපුරා ප‍්‍රධාන රෝහල් තිහක උද්ඝෝෂණයක් පැවැත්විමටද සැලසුම් කර ඇතැයිද ගුරුගේ මහතා වැඩිදුරටත් පැවසීය.