රුපියල් දෙකෝටියක කප්පම් ඉල්ලා පොළොන්නරුවේ දී විශ්‍රාමික ග්‍රාම නිලධාරියකු වන පට්ටානි රාසික් පැහැරගෙන ඝාතනය කළැයි කියන සිද්ධියකින් පසු කටාර් ගිය සැකකරුවකු වසර 3කට පසු කටුනායක ගුවන් තොටුපළේදී සැකපිට අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අබ්දුල් කාදර් ෂමීන් නොහොත් තට්ට ෂමීන් ඔහු බවද පොලිසිය කියයි.
රජයේ ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ සැකකරු ඝාතන සිද්ධියෙන් පසු 2012 වසරේ කටාර් රාජ්‍යයට පැනගොස් ඇති අතර පෙරේදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන කොළඹ කොට්ඨාසයට බාරදී තිබුණි.

