සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජිනීවා මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක් ඇරැඹීම රජයේ අරමුණ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනතාවගේ මානව හිමිකම්ද ආරක්ෂා කර ගනිමින් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.
කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේදී පැය දෙකකට ආසන්න කාලයක් මේ හමුව පැවැත්විණි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට කළ යෝජනා හා සසඳ බැලීමේදී අවසන්වරට ඉදිරිපත් වු යෝජනාව ශ්‍රී ලංකාවට බොහෝ හිතකර තත්ත්වයක පවතින බව ද ජනාධිපති සඳහන් කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ 21ක නායකයෝ සහ නියෝජිතවරු පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංධානය, ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ජාතික හෙළ උරුමය පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ 21කට අයත් නියෝජිතයන් 80 දෙනෙක් පමණ සහභාගී වූහ. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා නොපැමිණි අතර ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා සහභාගී වී සිටියේ.

