රට පනින්ට ගොස් පිටුවහල් කළ සිව්දෙනකුට ඇප


(ටෝනි කරුණානායක)
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් කටුනායක ගුවන්තොටුපළින් ඉතාලි හා ජර්මනියට යමින් සිටියදී මෙරටට පිටුවහල් කර රිමාන්ඩ් ගතව සිටි සිව් දෙනකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ දිසා විනිසුරු මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(30) නියෝග කළාය.
ඔවුන්ගෙන් එක් අයකුට රුපියල් 10000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කෙරිණි. 
ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවත් ඇපකරුවන් ග්‍රාම නිලධාරීන් මගින් පදිංචිය සහතික කළ යුතු බවටත් නියම විය. එසේ ඇප මත නිදහස් කෙරුණේ පේදුරුතුඩුවේ ධර්මදාස් විජේ, ත්‍රිකුණාමලයේ ඩිලාන් කල්යාන්, ජෝජ් ෆ්‍රැන්සිස් කලයන් සහ යාපනයේ සිරිදරන් ජයන්තන් යන අයයි.