රට නිළියගෙන් කෝටි 10ක් ඉල්ලයි


ජිලියන් ඇන්ඩර්සන් නම් හොලිවුඞ් නිලියගේ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂයක් වංචා කළැයි නඩුවකට මුහුණ දෙන  ආබාධිත හා විශ‍්‍රාමික කපිතාන් යක්කල පදිංචි අනුර රත්න බණ්ඩාර  නිළියගෙන්ද ඇගේ සැමියාගෙන්ද ශ්‍රී ලාංකිකයකුගෙන්ද රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ  අධිකරණයේ නඩු පවරා ඇතැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදී අද සඳහන් විය. එම නිළියගේ පස්යාලේ වත්තට විදුලිය ගැනීම සඳහා දුන් මුදල් වංචා කළැයි කපිතාන්ට එරෙහිව එම නිළිය කොළඹ කොටුව උසාවියේ නඩු පවරා ඇත.