රට දියුණු කරන්න අලුත් වැඩසටහනක් - අගමැති


චමිල් රූපසිංහ 
 
ජනපති දිවයිනට පැමිණි පසු රට ඉදිරියට ගෙනයෑම සඳහා  අලුත් වැඩසටහනක් ඇති කරන  බව   අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
නව වසරේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන්  මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
පසුගිය වසරේ මහනුවර ඇතිවූවක් මෙන් අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවන්නට සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය වරයා සඳහන් කළේය.
 
කසළ කන්ද කඩා වැටීම, ගං වතුර, නියඟය ඇතුළු ව්‍යසන ගණනාවකින් පසුගිය වසරේ ප්‍රශ්න ඇතිවූ බවත් කන්න හතරක් සඳහා මෙම ස්භාවික ව්‍යසන බලපෑවත් අලුත් අවුරුදු සමයේ සාධාරණ මිලකට බඩු භාණ්ඩ ලබා දීමට රජය පියවර ගත් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)