රට ගිහින් 400ක් හිස් අතින් එති
එතෙර හාම්පුතුන්ගේ හිරිහැර නිසා ගමරට ගෙන්වා ගන්නැයි ශ්‍රී ලාංකිකයෝ 899 දෙනෙක් විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කළහ.
ඉන් 473 දෙනෙක් ගෙන්වා ගනු ලැබූහ. ඉතිරි පිරිසේ පැමිණිලි විභාග කැර අවසන් වී නැතැයි ද වැඩිම පැමිණිලි සෞදි අරාබියෙන් යැයි ද කොන්සියුලර් අංශය කියයි.

