රට ගියත් හොඳ සිරිත් අමතක නොවේ


ලන්ඩන්හි බර්මින්හැම් ජේතවන විහාරයේ කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි ‘මාපිය උපහාර පූජා වැඩ සටහනක්‘ පැවැත්විණි. මෙවැනි පින්කමක් ලන්ඩනයේ  පැවැති මුල්ම අවස්ථාව මෙයයි. බදුරලියේ තුසිත මහා විහාරයෙන් එහි වැඩම කළ පණ්ඩිත කහතුඩුවේ ශාන්තිදේව හිමියෝ වන්දනා වැඩසටහන මෙහෙය වූහ. විහාරස්ථාන දහම් පාසලේ දරුවෝ සාම ජාතික නාට්‍යයද රඟ දැක්වූහ.