රට ගියත් ආරේ ගති නෑරේ


සෞදි අරාබියේ දී නීතිවිරෝධී වැඩ කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 800ක් එහි බන්ධනාගාරවල සිටිතියි සෞදි තානාපති ආරංචි මාර්ග කියයි. මත්පැන් පෙරීම හා විකීණිම ද ඒ අතර වෙයි. ඇතැමුන්ට එරෙහි නඩු පවරා ඇත. මොවුන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය සැරැසෙයි.