විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළු දුෂ්කරතා මෙන්ම ඔවුන්ගෙන් රටට වන සේවය පිළිබඳව ජනතාව හා බලධාරින් දැනුම්වත් කිරිමේ පා ගමනක් අඟහරුවාදා හලාවතින් අරම්භවු අතර අද (24) දහවල් එය වෙන්නප්පුව නගරයට ළඟාවිය.
කොළඹ දක්වා පාගමනින් ගොස් 26 වැනිදා ජනපතිට, අගමැතිට හා විපක්ෂ නායකට සංදේශයක් බාරදීමටද නියමිත බව ‘රටගිය ඇත්තෝ‘ සංවිධානයේ සභාපති සුජිත් පෙරේරා මහතා පැවසීය.




